2015-02-07

10 Fastest Accelerating Cars In The World

වේගයෙන්ම ත්වරණය වන මෝටර් රථ 10ය මෙන්න. 

මෝටර් රථ පිළිබඳව තරුණ තරුණියන් ඇත්තේ ඉතා විශාල උනන්දුවක් සහ ආශාවක්. කුඩා කල සිටම සිහින මවන්නේ තමාගේම කියා මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳවයි. අපි මෙතැනදී නං කතා කරන්නේ ලෝකයේ මිල අධික කාර් 10ක් පිළිබඳවයි. මෙම මෝටර් රථවල ත්වරණ කාලය ලෙස සලකනු ලැබෙන්නේ 0 සිට පැයට කිලෝමීටර 100ක් නැතහොත් පැයට හැතැප්ම 60ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලයයි. පහත සඳහන් සියලු වාහන දැනට නිත්‍යානුකුලව ලෝකයේ භාවිතා වේ.

1. Ariel Atom - 2.3 Seconds
පෙනුමේ හැටියටද නේද වැඩ ? මේවගේ කාර් 100ක් වගේ තමයි අවුරුද්දකට හැදෙන්නේ.


2. Bugatti Veyron Supersport - 2.46 Seconds
බුගාටි කාර් එක ගැන හැමෝම අහල ඇති නේ. ලෝකේ වේගවත්ම මෝටර් රථය ලෙසටත් හැඳින්වෙනවනේ. 2010 වසරේ හදපු මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර 431ක පමණ වේගයකින් ගමන් කරන්න පුළුවන්.


3. Caparo T1 - 2.5 Seconds
බ්‍රිතාන්‍යයේ හදපු මේ මෝටර් රථයට පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගන්න යන්නේ තත්පර 2.5යි.


4. Porsche 918 Spyder - 2.6 Seconds
දුටුවන් නෙත් වසඟ කරගන්න මේ සුපිරි පොර්ශේ මෝටර් රථය 2014 වසර සඳහා නිකුත් කල නවතම මාදිලිය වන අතරම 4.6 ලීටර V8 එන්ජිමකින් පනගැන්වේ.


5. Lamborghini Aventador - 2.7 Seconds
ලැම්බෝගිනි කිව්වම ඉස්සර වගේ නෙමෙයි. දැන් ලංකාවේ කා අතරත් ප්‍රසිද්ධයි. මෙම දැකුම්කලු මෝටර් රථය 2011 සිට නිෂ්පාදනය කෙරේ.


6. Nissan Gt-R R35 - 2.7 Seconds
අනිත් කාර් වලට සාපේක්ෂව සාමාන්‍ය කාර් එකක් වගේ පෙනුනට මෙයත් අනිත් අයට දෙවෙනි නෑ. තත්ත්පර 3කට අඩු කාලයකින් පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගන්න පුළුවන්. මෙම වර්ගයේ මෝටර් රථ වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුල ද භාවිතයේ පවතියි.


7. Porsche 911 Turbo S - 2.7 Seconds
Porsche වර්ගයට අයත් තවත් මෝටර් රථයක්. Porsche 997 යන නමින් ද හැඳින්වේ.


8. SSC Ultimate Aero Tt - 2.78 Seconds
ඇමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථයකි.


9. Bac Mono - 2.8 Seconds
මෙම මෝටර් රථය එංගලන්තයේ BAC (Briggs Automotive Company) සමාගම විසින් නිපදවනු ලැබේ.


10. Lamborghini Murciélago LP 670–4 Superveloce - 2.8 Seconds

ලිපිය අවසන් කරන්න වෙන්නෙත් තවත් ලැම්බෝගිනි මෝටර් රථයකින්.


මීට අමතරව McLaren P1, Rimac Concept One සහ Lykan HyperSport කියන මෝටර් රථ කිහිපයත් තත්පර 2.8න 100ට ලඟා වෙනවා.

source – sira.lk

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...