2015-12-03

වාහන ආදායම් බලපත.. ඔන්ලයින් අලුත් කිරීම.

අන්තර්ජාලය හරහා විවිධ පහසුකම් අත්විඳිමින් දිවිය පහසු කරගන්ට වැඩි කැමැත්තක් ඇති මට අද තවත් අලුත් අත්දැකීමක් ලැබුණා.. ඒ තමයි වාහනයේ ආදායම් බලපත්‍රය (Revenue License) අන්තර්ජාලය හරහා ලබාගත හැකි වීම. පේන විදිහට මේක අද ඊයෙ ආරම්භ කරපු දෙයක් නෙවෙයි.. අඩු වශයෙන් අවුරුදු දෙකක්වත් වෙනවා.. ඒත් අපි මේ ගැන හරි හැටි දැනුවත් නොවීම නිසා.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කොයි තරම් නම් රස්තියාදු වෙනවද?

මේ පහසුකම මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පළාත) මඟින් දෙනවා කියලයි කියන්නෙ. මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන වලට පමණක් අවස්ථාව ලැබෙනවා කියලා විස්තරයේ සඳහන් වුවත්.. නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් සඳහාත් මේ පහසුකම ඇති බව පෙනෙන්නට තිබෙනවා..

මෙකී පහසුකම සඳහා පිවිසීම ලබාගන්නට ක්‍රම දෙකක් දැනට හමුවුණා..මෙයින් මං ගියේ ටිකක් විතර හොයාගන්ට අමාරු පාරෙ..
අමාරු පාර - www.gov.lk
 www.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.. එහි තිබෙනවා සෙවීම් කොටුවක් (Search Box) එහි.. revenue license ලෙස ටයිප් කිරීමෙන් පසු දිස්වන Drop Down Menu එකේ Revenue License (New/Renew) ලෙස තිබෙනු ඔබට දැක ගත හැකියි.. එය තෝරාගැනීමෙන් පසු ලැබෙන පිටුවේ.. මේ පහසුකම ලබා ගැනීම සඳහා සහාය දෙන.. රක්ෂණ ආයතන සහ දුම් පරීක්ෂණ ආයතන මොනවාද කියා සටහන්ව තිබෙනවා..

ලේසි පාර.. www.motortraffic.wp.gov.lk
www.motortraffic.wp.gov.lk.. වෙත පිවිසෙන්න.. එහි මැද හරියෙ  වම් පසින් තිබෙනවා.. අපේ ආදායම් බලපත්‍රයේ හැඩයට සකස් කළ පිංතූරයක්.. 

මෙන්න මේ විදිහෙ.. ඔන්න ඔතනට කෙටුවාම.. යොමු වෙනවා තැනකට.. ඒකත් අර අමාරු පාරෙන් ගිහාම හමු වෙන තැන වගේමයි.. ඒ විස්තර ටිකමයි තියෙන්නෙ.. මෙතැන ඉඳං.. පාරවල් දෙකේ ම තියෙන්නෙ එකම ක්‍රියා මාර්ග ටික..

දැං ඔය ඉන්න පිටුවේ දකුණු පස පහත Login බොත්තමක් තිබෙනවා.. ඔබට දැක ගත හැකියි..
දැන් ඔබට තිබෙන්නේ.. Login බොත්තම ඔබා ඔබට ලැබෙන තේරීම් අතරින් එකක් තෝරා ගැනීමයි.. මා නම් තෝරා ගත්තේ Google. ඔබ කැමති නම්.. Facebook හෝ LinkedIn තෝරා ගත හැකියි.. කෙසේ වෙතත් ලොගින් වීමෙන් අනතුරුව තමයි සැබෑ ක්‍රියාදාමය පටං ගන්නේ.. දැන් පහළ දකුණු පස තිබෙනවා බොත්තම් තුනක් .. Check Status, Renew License, First License කියලා.. 

 First License කියන්නේ.. වාහනයක් ලංකාවෙ ලියාපදිංචි කිරීමෙන් පස්සෙ ගන්න පළවෙනි ආදායම් බලපත්‍රය ගන්න එක..
 Renew License කියන්නේ.. වාහනයක ආදායම් බලපත්‍රය අලුත් කරන එක..
Check Status කියන්නේ.. වාහනේ ආදායම් බලපත්‍රයේ තත්වෙ කොහොමද කියලා හොයා බලන එක..

ඉතිං අපි තෝරන්න ඕන..  Renew License කියන එක.. ඊට පස්සෙ මතු වෙන පිටුවෙ තියෙනවා.. පළාත තෝරන්න.. වාහනේ අංකය සටහන් කරන්න..  පහළින් තිබෙනවා පරණ බලපත්‍රයේ අංකය සහ වාහනයේ චැසි අංකය සටහන් කරන්න.. ඊට පස්සෙ OK බොත්තම එබුවාම.. එන්නෙ අලුත් පිටුවක්..

අලුත් පිටුවෙ.. රක්ෂණ සමාගම සහ  දුම් පරීක්ෂණ ආයතනය තෝරාගෙන.. ඒවා වලංගු ද කියලා පරීක්ෂා කරන්න බොත්තම් තිබෙනවා.. ඉන් පසුව සම්පත් බැංකුවේ Payment Gateway එක හරහා ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම කොළා ම... තාවකාලික බලපත්‍රයක් ලැබෙනවා.. ඒක මුද්‍රණය කරගෙන භාවිතා කරන්ට පුළුවන් තාවකාලිකව.. සතියක් ඇතුළත.. වාහනය ලියාපදිංචි කළ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔරිජිනල් ලැයිසොම හෙවත් Original Copy of Revenue License ලැබෙන බවයි කියන්නෙ.. 

මෙම පහසුකම වෙනුවෙන්.. 2%ක විතර සේවා ගාස්තුවකුත් අය කරනවා.

source – hadaathula.blogspot.com

No comments:

Post a Comment

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...