2015-09-30

Lamborghini (ලැම්බොගිනි)

සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.


මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත් ධනවතෙකු බවට පත්විය. දිනක් ඔහු එවකට ඔහු සතුව තිබූ මෝටර් රථ අතරින් ( Ferrari ) රථයේ ඇතිවූ දෝෂයක් නිරාකරණය කර ගැනීම සඳහා ඒ ආසන්නයේ  පිහිටි ( Ferrari ) ආයතනයේ සිටි එහි හිමිකරුවූ  Enzo Ferrari මහතා හමුවීමට ගිය අතර,  Enzo Ferrari මහතා ඔහු හමුවීමට කැමැත්තක් දක්වා නැත. මෙයින් කෝපයටපත්  Ferruccio Lamborghini  මහතා තමාගේම මෝටර් රථ ව්‍යාපාරයක් වූ Automobili Lamborghini  1963 දී අරඹන ලදි. ඔහු ගවපොර ( bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.


1963 - 350GT

1963 දී ප්‍රථම රථය වූ Lamborghini - 350 GT එලිදක්වන ලදි. එය ලැබූ සාරථකත්වයත් සමග පිලිවෙලින් Lamborghini - 400 GT සහ 400 GT 2+2. එලිදැක්වුන අතර Lamborghini  නාමය 
ලොවපුරා ජනප්‍රිය විය. Lamborghini  නාමය 
ඉතිහාසගත වන්නේ 1965-1966 දී හඳුන්වා දුන් Lamborghini - Miura  ත් සමගය. 1973 දී හන්දුන්වා දුන් Lamborghini - LP400 Countach ද ඉතා ජනප්‍රිය විය.

Miura (1966-1973)

කෙසේ වුවද 1974 දී ට්‍රැක්ටර් ව්‍යාපාරය බංකොලොත් වීමත් සමග Lamborghini  මහතා තම ව්‍යාපාරය විකුණා දමන ලදි.1974 න් පසු මෙහි හිමිකාරත්වය තුන්වරක් වෙනස් වූ අතර 1978 දී බංකොලොත් භාවයටද පත් විය

1987 දී ඇමරිකාවේ Chrysler Corporation මෙය මිලදී ගත් අතර  නැවත 1994 දී මැලේසියානු සහ ඉන්දුනීසියානු සමාගමකට විකුනණ ලදි. 1998 දී Volkswagen  සමාගම මෙය මිල දී ගත් අතර වර්තමානය දක්වා එහි හිමිකාරිත්වය දරයි.

source – nawalowadenuma.com

2015-09-28

Audi (අවුඩි)

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ  Ingolstadt, Bavaria හිය.

මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි. 

නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්‍යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි.

Audi Logo

මෙයින් බලවත් අපහසුතාවයට පත් වු A.Horch මහතා ඔහුගේ සමීපතම
මිතුරන් දෙදෙනෙකු වු  Paul සහ Franz Fikentscher සමග පැවැත්වු සාකච්චාවකට පසු " Horch " යන වෙලඳ නාමය වෙනුවට "Audi" යන නාමය භාවිතා කිරීම ඇරඹිය.ප්‍රථම Audi මොටර් රථය වු Type B, 10/28PS රථය 1910 දී වෙලඳ පොලට නිකුත් කරන ලදි.

1932 වසරේදී Audi ආයතනය  Horch, DKW( Dampf-Kraft-Wagen), සහ Wanderer  යන ආයතන සමග ඒකාබද්ධ කර නව “ Auto Union AG” පිහිටවන ලදි.දැනට භාවිතා කරනු ලබන එකට ඈඳුනු වලලු හතරක නිල ලංඡනයෙන් සංකේතවත් වන්නේ මෙම ඒකාබද්ධ කරන ලද අයතන හතරයි 1966 වසරේ සිට Audi ආයතනයේ විශාලතම කොටස්කරු වන්නෙ 99.5% ක කොටස් හිමිකාරිත්වය දරන ජර්මනියේ  Volkswagen  ව්‍යාපාරයයි

ලොව රටවල් 8ක Audi නිෂ්පාදනාගාර 9ක් පවති. ඒවා නම් ජර්මනියේ Ingolstadt, Neckarsulm ඉන්දියාවේ Aurangabad, ස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේ Brussels ,චීනයේ Changchun, හන්ගේරියාවේ Győr, ඉන්දුනීසියාවේ Jakarta සහ ස්පඤඤයේ Martorell.

source – nawalowadenuma.com

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...