2015-03-31

Glow In The Dark Car Nissan Leaf

Nissan සමාගමෙන් කළුවරට දිලිසෙන Leaf කාර් එකක්

Nissan Leaf ඉලෙක්ට්‍රික් කාර් එක හැමෝම වගේ පාරේ යනවා දැකල ඇති නේ. මේ කියන්න යන්නේ තරමක් වෙනස් Leaf කාර් එකක් ගැන. ඒක කළුවරට දිලිසෙන එකක්. අපි ළඟ තියන මෝටර් රථයටත් කලුවරේදී දිලිසෙන තීන්ත වර්ගයක් ආලේප කරන්න පුළුවන්. ඒත් මේ කොළ-නිල් පැහැති වර්ණය ඊට වඩා තරමක් වෙනස්. මෙය භාවිතා කරන්නේ අධි තාක්ෂණික තීන්ත ආවරණයක්. මෙය කාබනික සංයෝගයක් වන අතරම Starpath යන නමින් හැඳින්වෙනවා. මෙය පැය 8ත් 10ත් අතර කාලයක් දීප්තිමත්ව පවතින අතර වසර 25ක ආයු කාලයක් ඇති බවට ද සමාගම පවසයි.



Nissan සමාගම මෙම මෝටර් රථය විශේෂයෙන්ම Starpath නිර්මාතෘ සමග එක වී නිර්මාණය කර තිබෙන එකක් නිසා අපිට නං මේ වගේ කාර් එකක් order කරලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඇත්තටම ඒක කියන්න කනගාටුයි. නමුත් මේවගේ විශේෂ පෙනුමක් ඇති කාර් එකක් තියනවනං ඒක සිරා කියල ඕගොල්ලොන්ට තේරෙනවනේ. මේ කාර් එක රා වෙද්දී දිලිසෙන හින්දා ඒ කියන්නේ කළුවරට දිලිසෙන හින්දා රාත්‍රියට මාර්ගයේ ගමන් ගන්න පදිකයන්ට වගේම අනිත් වාහන වලටත් පැහැදිලිව මෙම මෝටර් රථය පේනවා. ඒවගේම සමහර අයට හිතෙන්න පුළුවන් මේක විකිරනශීලි මෝටර් රථයක් වගේ. ළඟටවත් යන්න හොඳ නෑ කියල. ඒවගේම දිලිසෙන හින්ද හොරෙක්ට වුනත් හිතෙන්න පුළුවන් කාර් එකේ අලුත්ම විදියේ Security System එක වැඩ කරනවා කියල.

මොනවා වුනත් Nissan සමාගම මේ දිලිසෙන කාර් එක ජනතාවට ලබා දීමට කටයුතු යොදනවානම් හොඳයි කියලා හැමෝම කියනවා. අපි බලමු ඉස්සරහට අපිටත් මේ කාර් එකක් බලාගන්න පුළුවන් වෙයිද කියල.


source – sira.lk

2015-03-25

Best Classic American Muscle Cars

ඇමෙරිකාවේ පැරණි Muscle කාර් අතරින් සිරා කාර් 10ක්

1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා. මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට මෙවැනි මෝටර් රථ නඩත්තු කිරීම තරමක් අපහසු කටයුත්තක් වුනා.

Muscle කාර් (මසල්) එකක් කියන්නේ මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඒ ගැන හරියටම විස්තරයක් කරන්න නම් අමාරුයි. ඒ වුනාට මේ ජාතියේ කාර් එකක් දැක්කම අඳුරගන්න නම් පුළුවන්. මේ නමින් හඳුන්වන්නේ මොන කාර් ද කියල දල අදහසක් ගන්න අපිට මේ විදියට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු ජවසම්පන්න දොර දෙකේ අධි ක්‍රියාකාරිත්වයක් සහිත මෝටර් රථ පෙළක් කිව්වොත් නිවැරදියි.

10. Pontiac Firebird Trans AM
අශ්වබල 345ක එන්ජිමක් සහිත මෙම මෝටර් රථයට පැයට 100Km වේගයක් ගැනීමට ගතවන්නේ තත්පර 5.6 ක්.

09. Dodge Challenger
මේ මෝටර් රථය අශ්වබල 425ක එන්ජිමකින් යුක්තයි.

08. Buick GSX Stage 1
මේ අලංකාර මෝටර් රථයේත් අශ්වබල 425ක එන්ජිමක් තියනවා.

07. Plymouth Hemi ‘Cuda
මේ මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය අශ්වබල ප්‍රමාණ දෙකක් යටතේ නිකුත් වීමයි. (300 සහ 425). හොඳ තත්වයේ පවතින මේ වර්ගයේ මෝටර් රථයක් වර්තමානයේ ඩොලර් 110,000කට පමණ අලෙවි කරන්න පුළුවන්.

06. ZL1 Camaro
මේ මෝටර් රථ මාදිලියේ සුළු වෙනස්කම් ඇති මෝටර් රථ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. අශ්වබල 430සිට 550ක් දක්වා බලයක් ලබාගැනීමේ හැකියාව මේ මෝටර් රථය සතුයි. 0-60 mph වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්පර 5.3ක කාලයක්. 2012 වසරේදී මේ මෝටර් රථයේ නව මාදිලියක් නිකුත් කෙරුනා.

05. Ford Mustang Boss 429
මෙය සීමිත මෝටර් රථ සංඛ්‍යාවක් නිකුත් කෙරුණු මාදිලියක්. මෝටර් රථ 859ක් හදල තියනවා. මෙහි එන්ජිමේ බලය අශ්වබල 500 සිට 375දක්වා පහත හෙලා ඇත්තේ රක්ෂණ සමාගම් ගාස්තු අවම මට්ටමක පවත්වාගැනිමටයි.

04. Chevrolet Chevelle Copo 427
මේ මෝටර් රථය සතු 427 Cid එන්ජිමේ 425ක අශ්වබලයෙන් තත්පර 5.1කදී පැයට කිලෝමීටර 100ක වේගයට ලඟාවෙන්න පුළුවන්.

03. Dodge Charger (B Body)
අශ්වබල 425හේ එන්ජිමෙන් පැයට කිලෝමීටර 100ක වේගය ලබාගන්න තත්පර 5.7ක් ගතවුනා.

02. Ponitac GTO
ඉතාමත් ප්‍රසිද්ධ Muscle කාර් එකක්. අශ්වබල 350හේ එන්ජිමට මේ කාර් රථයේ වේගය 100 කරා ගෙනයාමට ගතවුනේ තත්පර 5.2ක් පමණයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුන muslce කාර් අතරට අයත් වෙනවා.

01. Shelby Mustang
Shelby Mustang GT-500 මෝටර් රථය තමයි ලයිස්තුවේ උඩම ඉන්නේ. 7.0 L V8 එන්ජිම අශ්වබල 355ක් නිපදවමින් මෝටර් රථය තත්පර 4.8කින් පැයට කිලෝමීටර 100 දක්වා ගෙන ගියා.

source – sira.lk

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...