2015-12-04

Ferrari (ෆෙරාරි)


ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී  ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.


ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී  අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.

Ferrari 458 Speciale A

1939 දී එයින් ඉවත් වූ ඔහු Auto Avio Costruzioni නමින් මුලිකවම ගුවන් යානා අමතර කොටස් සහ විවිධ යන්ත්‍ර කොටස් නිපදවන තමාගේම ව්‍යාපාරයක් අරඹන ලදී .1949 දී ඔවුන් Tipo 815 නමින් ධාවන තරඟ වලට භාවිතා කරන මෝටර් රථයක් නිපදවන ලදී. දෙවන ලෝක යුද සමයේ 1944 දී මිත්‍ර හමුදා විසින් බෝම්බ දැමීම නිසා කර්මාන්ත ශාලාව විනාශයට පත්විය. දෙවන් ලෝක යුද්ධය නිමවීමත් සමග 1946 දී නැවත කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කල අතර මෙවර සාමාන්‍ය මාර්ගවල ගමන් කල හැකි (road cars) මෝටර් රථ නිපද වීමද ආරම්භ කර තිබුණි.

මෙහි ප්‍රතිපලයක් ලෙස 1947 දී පළමු Ferarri මෝටර් රථය ( Road Car)  වූ 125 S එළිදක්වන ලදී. මෙය Ferarri මෝටර් රථ වල ඇරඹුම ලෙස සැලකේ.

Ferarri ලාංජනය ලෙස යොදා ගන්නා අශ්වයාගේ සංකේතය (cavallino rampante) පිලිබඳ ද ඉතිහාස කතාවක් පවතී. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු  ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ  Francesco Baracca ය. ඔහු  තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි.  



1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසිනි.එහිදී ඇය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස භාවිතා කිරීම ඇරඹිය. තම උපන් ගම වූ Modena හි සංකේතත්මක් වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරන ලදී. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය වේ .


Ferarri මෝටර් රථ වලට බොහෝ විට යොදා ගන්නා රතු වර්ණයට හේතු වී ඇත්තේ 1920 ගණන් වල සිට මෝටර් රථ ධාවන තරග වලදී රථ නිරුපන කරන රට වෙන්ව හඳුනා ගැනීමට යොදා ගන්නා වර්ණය අනුවයි. ඒ අනුව Alfa Romeo, Maserati,Ferrari, Abarth ආදී ඉතාලි මෝටර රථ රතු වර්ණයෙන්ද , Bugatti වැනි ප්‍රංශ මෝටර් රථ නිල් වර්ණයෙන්ද , Benz වැනි ජර්මානු මෝටර් රථ සුදු වර්ණයෙන්ද (1934 සිට රිදී පැහැය), බ්‍රිතාන්‍ය මෝටර් රථ කොළ පැහැයෙන්ද වර්ණ ගන්වයි .

තවත් සුපිරි ඉතාලි මෝටර් රථ සමාගමක් වන Lamborghini සමාගමේ ආරම්භයට ද පාදක වී ඇත්තේ Enzo Ferarri මහතා සහ Ferruccio Lamborghini මහතා අතර ඇති වූ මත ගැටුමකි. (එය කියවන්න )   

1969 දී Fiat සමාගම Ferarri හි 50% ක කොටස් මිලදී ගන්නා ලද අතර 1988 වන විට 90% ක කොටස් මිල දී ගන්නා ලදී. වර්තමානය වන විට (2015) 80% ක කොටස්  Fiat Chrysler සමාගම සතුවන අතර තවත් 10% ක් කොටස් මහජනයා වෙත නිකුත් කොට තිබුණි.ඉතිරි 10% ක කොටස් Enzo Ferarri මහතාගේ  පුත්‍රයකු වන Piero Ferrari සතු වේ.

වර්තමානයේ වෙළඳපොල ඇති Ferrari මෝටර් රථ කිහිපයක් පහත දක්වා ඇත.

Ferrari 488 GTB


Ferrari 458 Speciale


Ferrari California

www.ferrari.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි තොරතුරු ලබාගත හැක.

source – nawalowadenuma.com

No comments:

Post a Comment

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...