2015-10-02

Maserati (මසරාටි)

මසරාටි මෝටර් රථ සමාගම 1914 දෙසැම්බර් 1 දින ඉතාලියේ බොලොග්නා හිදී ආරම්භ කරන ලදි. මසාරාටි සහෝදරයන් වන ඇල්ෆෙයරි, බින්ඩෝ, කාර්ලෝ, එටොර් සහ අර්නෙස්ටො යන අය විසින් මෙය අරබන ලදි. 

වර්තමානයේ මෙහි අයිතිය ඉතාලියේ ෆියට් (Fiat) සමාගමට හිමිවන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ මොඩෙනා හිය.


මසරාටි ලාංඡනය


මසරාටි මෝටර් රථයේ වෙළඳ සංකේතය වන්නේ ත්‍රිශුලයයි (Trident). ත්‍රිශූලය වෙලඳ සංකේතය ලෙස ගැනීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ උපන් ගම වූ බොලොග්නා හි Piazza Maggiore හි පිහිටුවා ඇති ත්‍රිශූලයක් අතදරාගෙන සිටින නෙප්චූන්ගේ පිලිරුවයි. එමගින් ශක්තිය සහ ජවය නිරූපනය වීමත් මෙන්ම තම උපන් ගම සිහිවීමත් පිණිස මෙය සංකේතය ලෙස ගැනීමට තීරනය කෙරුණි.


මසරාටි සහෝදරයන්

1957 සිදුවූ සිදුවීමක් නිසා මසරාටි මෝටරථ ධාවනයෙන් ඉවත් වී සාමාන්‍ය වෙළඳපොලට නිර්මාණය ඇරඹිය. එසේ වෙළඳපොළට නිකුත්කල Maserati 3500 GT රථය බෙහෙවින් ජනප්‍රිය විය.1937 දී පමන මසරාටි සහෝදරයන් තම සමාගම Adolfo Orsi පවුලට විකුනා දැමුන නමුත් තවදුරටත් මෝටරථ නිෂ්පාදනයට හවුල් විය. 1939 සහ 1940 වසර දෙක තුලදීම Maserati 8CTF  රථය සුපිරි Indianapolis 500 තරඟාවලිය ජය ගෙන එසේ කල පලමු ඉතාලි මෝටරථ සමාගම බවට පත් විය. 1957 දී Maserati 250F රථය ලෝක ශූරතාව දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.


Maserati-3500

1968 දී සමාගම ප්‍රංශ මෝටරථ සමාගමක් වන Citroen අතට පත්විය. මෙහිදී Maserati Indy, Maserati Bora, Maserati Merak, Maserati Khamsin යන රථ වෙළඳ පොලට නිකුත් කරන ලදි. 1973 ලෝක තෙල් අර්බුදයත් සමග Citroen සමාගම බලවත් අවදානමකට මුහුණ පෑමට සිදුවිය. අවසානයේ ඔවුන් මසරාටි සමාගම වසා දමන බවට නිවේදනය කරන ලදි. එහි සේවයේ නියුතු 800 කගේ පමණ රැකියා නැතිවීමේ අවධානමකට පත්විය.කෙසේ නමුදු විවිධ පාර්ශවල මැදිහත් වීම නිසා අවසානයේ Alejandro De Tomaso මහතා සහ Benelli සමාගම මසරාටි සමාගම මිලදී ගන්නා ලදි.

Maserati 2015 Alfieri

1993 වසරෙදී Fiat සමාගම Maserati සමාගම මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුවද  වැඩිකල් නොපැවතුනු අතර Ferarri සමාගම විසින් 1997 දී මිලට ගන්නා ලදි. 2002 වසරේදී Maserati රථ ඇමරිකානු වෙලඳ පොලට නැවත නිකුත් කෙරුනි. 2005 දී Ferarri සමාගමෙන් නැවත වරක් Fiat සමාගම අතට පත් විය. අද වනවිට ද (2015) මෙහි අයිතිය Fiat සමාගම සතුවේ.  

වර්ෂ 2014 දී මසරාටි තම සියවස සමරන ලදි.

source – nawalowadenuma.com

No comments:

Post a Comment

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...