2015-10-01

Bugatti (බුගාටි)

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.


Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.



ඔහු 1901 de Dietrich නම් සමාගමක් සමග මොටර් රථ නිපදවීමේ ගිවිසුමකට එලබුන අතර  ඒවන විට ඉතා ලාබාල වියේ පසුවීම නිසා ඔහුගේ පියා වන Carlo Bugatti ගිවිසුමට අත්සන් කෙරුනි. එහිදී ඔහු තවත් මොටර් රථ කිහිපයක් නිපද විය. ධාවන තරඟ වලට සුදුසු මොටර් රථයක් නිපද වීම Bugatti ගේ අරමුණ වූ නමුදු ආයතන ඊට විරුද්ධ විම නිසා ඔහු ඉන් ඉවත් වී Emi Mathias නම් ආයතනයට බැඳුනි. වසර 2ක් යාමට මත්තෙන් එයිනුත් ඉවත් වූ ඔහු 1909 දී Bugatti නාමය යටතේ තම ව්‍යාපාරය ඇරඹීය. 

1910 වන විට Bugatti  මෝටරථ 5ක් නිපදවූ අතර එම සියල්ල අලෙවි විය. එසේම මේවන විට ඔහුගේ සහයකයා වූ Ernest Fredrich, බුගාටි මෝටරථ සමග ධාවන තරග වලට සහභාගී වීම ඇරඹුන අතර French Grand Prix තරගාවලියේදී එකල තිබූ සුපිරි රථ පරදවා දෙවන තැනට පත් වීම නිසා කාගේත් අවධානයට ලක් විය. මෙයත් සමග එවකට ඉතා ජනප්‍රිය වූ Peugeot මෝටර් රථ සමග ගිවිසුමකට එලඹ එම සමාගමට Babe Peugeot මෝටර් රථ නිපදවීම ඇරඹිය.

1921 ඉතාලියේ Brescia හි පැවති Voiturettes Grand Prix මෝටරථ තරගාවලියේ දී බුගාටි රථ පලමු,දෙවන,තෙවන සහ හතරවන ස්ථාන ලබා ගැනීම ඉතිහාසගත සිදුවීමක් විය. 1924 නිපදවූ Bugaati type 35 රථය තරග 2000 කට වඩා ජය ලබා තිබුනි. මේවන විට ඔහුගෙ පුත් Jean Bugatti  ද පියාගේ ව්‍යාපාර වලට සක්‍රියව දායක විය.

1939 දී මෝටර් රථ පරික්ෂාවක් අතර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ පුත් Jean Bugatti ජීවිතක්ශයට පත්වීම සිදුවුන අතර දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ව්‍යාපාර සම්පූරණයෙන්ම ඇණහිටිනි. නැවත යුද්ධයෙන් පසු ව්‍යාපාර ඇරඹූ Bugati මහතා Type 73  රථ 5ක් පමණ නිපදවීය.
1947 Ettore Bugatti මිය යාමත් සමග ව්‍යාපාර අඩපණ වූ අතර තවත් පුත්‍රයෙකු වූ Roland Bugatti ව්‍යාපාර දියුණු කිරීමට වෑයම් කලද එය සාර්ථක නොවීය.

නැවත Bugatti නාමය ලොවට පැමිනෙන්නේ 1987 දී ඉතාලි ජාතික  Romano Artioli  විසින් Bugatti නාමය අත්පත් කරගෙන Bugatti Automobili SpA පිහිටු වීමත් සමගයි. ඔහු Lamborghini Miura සහ  Lamborghini Countach. හි නිර්මාපකයන් වූ Paolo Stanzani සහ  Marcello Gandini සමග එකතුවී  Bugatti EB110 නිපදවන ලදි. සුප්‍රසිද්ද මොටර් රථ ධාවකයෙක් වූ  Michael Schumacher  ද මෙම රථයක් මිලට ගත් බව සඳහන් වේ.

1998 දී ජර්මනියේ Volkswagen  සමාගම Bugatti  නාමය අත්කර ගත් අතර මෝටර් රථ කීපයක් වෙළඳ පොලට හඳුන්වා දෙන ලදි. මින් 2005 වසරේදී හඳුන්වාදුන් Bugatti Veyron EB 16.4 රථය මහත් ජනප්‍රිය විය. මේවන විට Bugatti Veyron ප්‍රධාන මාදිලි 4කින් වෙළද පොලට නිකුත් කර ඇත. ඒවා පහත දැක් වේ.


Bugatti Veyron (2005–2011)
උපරිම වේගය 407.12 km/h (252.97 mph). පමණ වේ.


Bugatti Veyron 16.4 Grand Sport (2009–2015)
උපරිම වේගය 369 km/h (229 mph). පමණ වේ.


Bugatti Veyron 16.4 Super Sport (2010–2011)
උපරිම වේගය 431.072 km/h (267.856 mph) පමණ වෙ.


Bugatti Veyron 16.4 Grand Sport Vitesse (2011-2015) 
උපරිම වේගය 375 km/h (233 mph). පමණ වේ

මීට අමතරව පුද්ගලික ගැනුම කරුවන්ගේ අවශ්‍යතාවයට අනුව නිමාව වෙනස් කරන ලද Bugatti Veyron රථ ද වේ. දශකයකට ආසන්න කාලයක්දී නිපදවා ඇත්තේ Bugatti Veyron රථ 450 කට ආසන්න සීමිත ප්‍රමාණයකි.

මේවන විට Bugatti Veyron 16.4 Super Sport රථය වේගවතම මහමාර්ගවල ගමන් කල හැකි.(street-legal) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද, විට Bugatti Veyron   16.4 Grand Sport Vitesse  රථය වේගවත්ම  ආසන දෙකේ (roadster) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද උසුලයි.

2015 පෙබරවාරි 23 දින අවසාන වශයෙන් Bugatti Veyron Grand Sport Vitesse රථය අලෙවිකරණ ලදි.


source – nawalowadenuma.com

No comments:

Post a Comment

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...