2015-12-16

වාහන වලට දැනගෙන තෙල් ගහමු.




1. Full Tank ගහන එක හොඳයි ද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල්වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.

අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුළ පීඩනය වැඩි වෙනවා. අධික උෂ්ණ දේශගුනික තත්ත්වවල දී ආරක්ෂාකාරී තත්ත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ…

පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිණීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.

මෙතන දී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. එහෙත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන් බව..

එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධනවලින්ම ආධාර කර ඇත.

2. තෙල් ගහන්න වෙලාවක් තියනව ද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත් වී නොමැති නිසා භුගත ගබඩාවල පවතින් ඉන්ධනවල ඝනත්වය නියම මට්ටමේ පවතී.. එහෙත් උෂ්ණත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරණය හේතුවෙන් ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..

අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමු ද ?

හැමෝම හොඳින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුළුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්පවන දුවයක් කියන එක ඔයාලටම තේරේවි. ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..

ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල්වලින් ප්‍රමාණයක් ඔබට නොදැනීම වායුගොලයට එක් වී හමාර ය.

හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසු ය..

4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමු ද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකිවල ය. ඔය ටැංකිවලට බවුසරවලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..

මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොඳ. මොකද ඉන්ධන ටැංකිවලට පිරවීමේ දී ටැංකිවල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා.

ඉතින් මීට පස්සේ ඔයාලගේ වාහන වලට තෙල් ගහද්දි මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.

source – mahapara.blogspot.com



No comments:

Post a Comment

Katukurunda Speed 2022 at Katukurunda Sri Lanka

Nippon Paints and SLT Mobitel have come on board as title sponsor and co-sponsor to power ‘Nippon Paint Katukurunda Speed 2022’organized and...